-4.8 C
New York

රසායනික පොහොර යළි ගෙන්වීමට රජයේ තීරණයක් ?

Published:

කාබනික පොහොර අවශ්‍ය තරම් රටතුළ නිපදවීම ආරම්භ කරන තුරු සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට රජය ගත් තීරණය ලිහිල් කිරීමට කටයුතු කරනු ඇත.

රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග ගොවීන්ගෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ලවිය.

ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීම දීර්ඝකාලින ක්‍රියාවලියක් බැවින් හදිසියේම රසායනික පොහොර ආනයනය තහනම් කිරීම බරපතල ගැටලුවක් වන බවයි.

මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට මුදල් අමාත්‍යවරයා තීරණය කර තිබේ. එසේ වුව ද කාබනික ගොවිතැන ප්‍රචලිත වඩාත් වේගවත්ව සිදුකිරීමටත් හැකි ඉක්මනින් රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමටත් රජය කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img