-5.9 C
New York

රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ

Published:

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ.

අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13 දෙනකු ද සවස තවත් 04 දෙනකු ද මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. බද්දේගම සිට රෝහලේ සේවය සඳහා පැමිණෙන කාන්තාවක් ආසාදිත බව තහවුරුවීමෙන් පසු මෙලෙස පරීක්ෂණ සිදුකර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙලෙස ආසාදිත වූ පිරිස අතර ගිලන්රථ රියදුරකු ද සිටින බවයි. අනෙක් සියලු දෙනාම කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකයෝය. ඔවුන් සියලුම දෙනා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අය ද වෙති.

සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යලාය, වෛරසවේදී වෛද්‍යවරයකු සහ වසංගත රෝග වේද අංශය විසින් එම රෝහලේ වෛද්‍යවරුන් ආසාදිත සේවකන්ට නිරෝධායනය වීම සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් සිදුකර ඉන් අනතුරුව වෛද්‍යවරුන්ට පීසීආර් පරීක්ෂණ අවශ්‍ය නැතැයි පැවසූ බව එහි වෛද්‍යවරු ම කියති.

තමන් කැමතිනම් පරීක්ෂණයක් කරගන්නා ලෙස දැනුම් දී ඇති බැවින් එක් වෛද්‍යවරියක් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරගෙන ඇති අතර එය නෙගටිව් වී තිබේ.

මේ වනවිට ආසාදිත නොවූ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 04 දෙනකුගෙන් රෝහල පවත්වාගෙන යාම සිදුවේ.

කෙසේ වෙතත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසන්නේ වෛද්‍යවරු ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම අනිවාර්ය අවශ්‍යතාවක් බවයි. එහෙත් ඔවුන් විවිධ තක්සේරු වාර්තා ඇති බව පවසමින් පරීක්සණ මඟහරින බව ද ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

Related articles

Recent articles

spot_img