spot_img
spot_imgspot_img

අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානයක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 40.5 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7852ක් බවට පත්විය.

අද දිනයේ වෙළෙඳ පොළ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 3.45කි.

වැඩි වශයෙන් ගනු දෙනු වූ කොටස් අතර පෑන් ඒෂියන් පවර් සමාගම රුපියල් බිලියන 1.7ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 303ක්, එක්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 276ක් කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් කොටස් විකිණුම් ප්‍රමාණය රුපියල් මිලියන 936ක් වූ අතර මිල දී ගැනීම් ප්‍රමාණය රුපියල් මිලියන 152ක් ලෙස සටහන් විය. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් සමස්තයක් ලෙස රුපියල් මිලියන 783ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරවාගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 57.3ක්, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 41.6ක්, ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 18.1ක් ලෙස මූලික විය.

ඔවුන් කොටස් විකුණූ සමාගම් අතර පෑන් ඒෂියන් පවර් සමාගම රුපියල් මිලියන 537.6ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 300.4ක්, ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 24.7ක් ලෙස ප්‍රධාන වශයෙන් දක්නට ලැබිණි.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය දින කිහිපයට සාපේක්ෂව සම්පූර්ණ පිරිවැටුම විශාල ප්‍රමාණයකින් ඉහළ ගිය අතර විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම දිගින් දිගටම කැපී පෙනෙන්නට තිබේ. කෙසේ වුව ද මෙලෙස විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම් දේශීය ආයෝජකයන් විසින් අඛණ්ඩව මිල දී ගැනීම වෙළෙඳ පොළ වර්ධනයට සාධනීය ලෙස බල පා තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා ඉක්මණින් සමස්ත මිල දර්ශකය ඒකක 8000ක් ඉක්මවනු ඇතැයි අයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම, අහිතකර බලපෑමක් වුව ද එම කොටස් මිල දී ගැනීමට ප්‍රමාණවත් දේශීය ආයෝජකයන් ඉදිරිපත් වී සිටීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකින් තොරව ස්ථාවර වන ආකාරය නිරීක්ෂණය කළ හැකි වේ.

විශේෂයෙන් ම ආයෝජකයන්ගේ වැඩි අවධානය නිෂ්පාදන අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයන සමාගම් කෙරෙහි යොමු වී ඇති බව පෙනී යයි. හේලීස් සමාගම, ඩිප් ප්‍රඩක්ට් සමාගම, LOLC සමාගම, ටෙක්ස්පෝ ලංකා සමාගම සහ හේකාබ් සමාගම, ලංකා වෝල්ටයිල්, රෝයල් සෙරමික් වැනි සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!