-4.8 C
New York

බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා, උප සභාපති ඇතුළු 04කට ඇප

Published:

හඳුනාගැනීමේ පෙරට්ටුවක දී බාල වයස්කාර දැරිය විසින් ඇය අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීම සහ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් බවට පොලිසිය කරුණු දැක්වීම හේතුවෙන් වෛද්‍යවරයා, ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා සහ ව්‍යාපාරිකයක් දෙදෙනකු අද (09) ඇප මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලද අතර සෑම මාසයකම අවසන් ඉරිදා උදෑසන 9.00-12.00ත් අතර කාලයේ දී පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යතු බව ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී ‍අබේවික්‍රම නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ නාවික හමුදාවේ වෛද්‍යවරයා සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකි.

Related articles

Recent articles

spot_img