5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 03 වැනි ඉරිදා දිනයේ දී පැවැත්වීමට තීරණය කර ඇත. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 04 වැනි දින ආරම්භ කර ඔක්තෝබර් 30 වැනි දින දක්වා පැවැත්වීමටත් කටයුතු යෙදා ඇත.
එමෙන් ම 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මාසයේ අවසන් සතියේ පැවැත්වීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය. විෂයමාලා නිර්දේශ සම්පූර්ණයෙන් ම අවසන් කිරීම අසීරු වී ඇති බැවින් ඉහත දිනවල දී විභාග පැවැත්වීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.



