-2.5 C
New York

ස්ටාලිං ඇතුළු පිරිස නිදහස් කරන්න යැයි දකුණේ සංවිධාන ඉල්ලයි

Published:

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ දකුණු පළාතේ ගුරු, විදුහල්පතිවරුන්ගේ සහ සිවිල් ජනතාවගේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් කැළුම් ද සිල්වා පවසයි.

ඔහු ප්‍රකාශ කර ිසටියේ හඬක් නැගිය නොහැකි ජනතාවගේ ප්‍රශ්න බලධාරීන් හමුවේ ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපිත කර ඇති එම අයිතිය වෙනුවෙන් පෙනී සිටින නිර්පාක්ෂික මිනිසුන් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් ජනතාවගේ විරෝධය තව තවත් වර්ධනය වේවි. අදාල ගැටලු හා විසඳුම් ලබාදීම පසෙක තබා මෙවැනි බිය වැද්දවීමවලින් ජනතා මතය යටපත්කිරීමට උත්සාහ ගැනීම කණගාටුදායකයි. ඒ වගේම නිල්ලජ්ජිත ක්‍රියාවක්. නිදහස් අධ්‍යාපපන අයිතිය වෙනුවෙන් නිබඳව පෙරමුණ ගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා ඉක්මණින් නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.” යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img