-5.9 C
New York

රුපියල අවප්‍රමාණවීම නිසා විදේශිකයෝ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වෙති

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 2.2කින් අද (08) දිනයේ ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7812ක් බවට පත්විය.

සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.2කි.

අද දිනයේ වැඩි වශයෙන් ගනුදෙනු වූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 402යි, LOLC Holdings සමාගම රුපියල් මිලියන 81, හේලීස් එම්.ජී.ටී සමාගම රුපියල් මිලියන 53යි වශයෙන් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් වනවිට අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 468ක කොටස් විකුණා ඇති අතර රුපියල් මිලියන 235ක කොටස් මිල දී ගෙන තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන  233ක ආයෝජන ඉවත් කරගෙන තිබේ.

එලෙස විදේශිකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 2.2යි, සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.6යි, අලියාන්ස් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.6ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණා දැමූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 173යි, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 11යි, ත්‍රී ඒකර් සමාගම රුපියල් මිලියන 10.6 ප්‍රධාන විය.

දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් තමන් සතු කොටස් විකුණා මුදල් ලබාගැනීම විශාල ගැටලුවක් වී ඇති අතර ඇමෙරිකන් ඩොලරට හමුවේ ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණයට ලක්වීම මෙසේ විදේශ ආයෝජකයන් තම මුදල් ඉවත් කරගැනීමට ප්‍රධාන වශයෙයන් බල පා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img