-5.9 C
New York

“ඇතැම් අමිහිරි දේ කරන්න වෙනවා. ඒ පියෙක් වගේ” යැයි බැසිල් කියයි

Published:

පියකු සේ තමන්ට යම් අමිහිරි දේවල් කිරීමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) උදෑෂන සිය අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කරමින් කියා සිටියේය.

රජයේත් තමාගේත් ප්‍රමුඛ කාර්යභාරය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම බවත්, ඇතැම් අවස්ථාවල දී ඒ වෙනුවෙන් සමහර අමිහිරි දේවල් කිරීමට සිදුවනු ඇති බවත් හෙතෙම පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

“මේක ඉතා අමාරු දෙයක්. නමුත් අපි අභියෝගය භාර ගනිමු. අපි සියලු දෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින් අපේ අමාත්‍යාංශයේත්, අපේ රජයේත්, ඒ වගේම මගේත් ප්‍රමුඛතාව වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවන්. ඔවුන්ගේ ප්‍රමුඛතාව අපේ ප්‍රමුඛතාවයයි. අපිට මේ ප්‍රශ්න දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකක්ද ප්‍රශ්නය කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලු දෙනාට තියෙනවා. ඒ මොනවා වුණත් සමහර වෙලාට පියෙක් වගේ ඇතැම් අමිහිරි දේවල් කරන්න සිදුවේවි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වනුවෙන් කරන දේවල් කියා හිතනවා. ඒ සඳහා සහයෝගය දෙන්න කියා ඉල්ලා සිටිනවා.”

Related articles

Recent articles

spot_img