10.2 C
New York

ජෝසප් ස්ටාර්ලිං ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Published:

අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පැවැත්වූ උද්ඝෝෂණයක දී බෞද්ධ හිමිවරු දෙනකම් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බව හෙතෙම කීවේය.

අත්අඩංගුවටගත් පිරිස නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවයරය සඳහන් කළේය.

පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වලිනි.

Related articles

Recent articles

spot_img