ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් ඇතිකරමින් කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නාකයත්වයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එංගලන්ත සංචාරයේ දී කුසල් ජනිත්ගේ නායකත්වය පිළිබඳ පුහුණුකරු මිකී ආතර් ප්‍රශංසා කර තිබිය දී ය. කුසල් ජනිත් නායකත්වය දැරුවේ බංග්ලාදේශයේ එක්දින තරඟ තුනක් එංගලන්තයේ එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් සඳහා පමණි. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකි වූයේ බංග්ලාදේශය සමඟ පැවැති එක් තරඟයක් පමණි.
2019 දී ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසු වූ පාකිස්තානුවන්ට එරෙහිව තරුණ කණ්ඩායමක් ජයග්‍රහණය කරා මෙහෙයවූ දසුන් ශානක කෙරෙහි යළි අවදානය යොමුකරන තේරීම් කමිටුව ප්‍රකාශ කරන්නේ කුසල් ජනතිත් පෙරේරා නායකත්වයට පත්කළේ අත්හදා බැලීමක් වශයෙන් බවයි.
ඉදිරි පැය කිහිපයේ දී නව නායකයා කවුරුන්ද යන්න ස්ථිරව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.