-5.9 C
New York

මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සළකා බලන බව කියයි

Published:

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳ තමන් සළකා බලමින් සිටින බව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්‍ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසන්නේ තමන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවත් ඒ පිළිබඳ ඉදිරි සති කිහිපයේ දී තීරණයක් ගෙන දැනුම් දෙන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

නවක ක්‍රීඩකයන් සමඟ ඉදිරියට යාමට තේරීම් කමිටුව විසින ගත් තීරණනයත් සමඟ මැතිව්ස් එක්දින කණ්ඩායමෙන් ඉවත් කෙරිණි.

පසුගිය මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ඔහු අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග දෙකට පෙර තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද සමත්ව තිබිණි.

එමෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියේ ද පිත්තෙන් දස්කම් දැක්වූ මැතිව්ස්, 2018 වසරේදී පිතිකරණ සාමාන්‍යය 52.50ක් විය. 2017 වසරේදී මැතිව්ස් ගේ පිතිකරණ සාමාන්‍යය 63.66කි.

ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අනුව නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් නොකර සිටීමට තීරණය කළ ජේෂ්ඨ ක්‍රීඩකයින් අතර මැතිව්ස් ද සිටියේය. පසුව මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට තීරණය කර තිබේ.

එසේ වුව ද මෙම ක්‍රීඩකයන් සඳහා තරඟාවලි වශයෙන් කොන්ත්‍රාත්තු ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img