-4.8 C
New York

බූස්ස මුහුදේ දී ධීවරයන් 08ක් සමඟ වල්ලමක් පෙරැළේ

Published:

ගාල්ල, දොඩංදූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් අද (07) උදෑසන බූස්ස ආසන්න මුහුදේ දී පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

වල්ලමේ ධීවරයන් 08 දෙනකු ගමන්කර ඇතත් ඔවුන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත. පෙරැළුණු වල්ලමේ එල්ලී ඔවුන් දිවි බේරාගෙන ඇත. අනතුරට ලක්ව සිටින ධීවරයන් බේරාගැනීමට තවත් ධීවරයන් පිරිසක් එහි ගොස් සිටින අතර පෙරැළී ඇති වල්ලම ද ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් සිටිති.

බූස්ස ආසන්න මුහුදේ ඇති ගල්පරයක් වටකර මාළු ඇල්ලීමේ දැල් යොදමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ගොඩබිම සිට බැලූ විට පෙරැළී ඇති වල්ලම නිරීක්ෂණය කළ හැකි දුරින් අනතුර සිදුව ඇත.

Related articles

Recent articles

spot_img