කොරෝනා මර්ධනය කිරීමට මානව වර්ගයා කොතෙක් උත්සාහ ගත්ත ද ඒ සම්බන්ධ බරපතල ගැටලු රැසක් මතු වී තිබේ.
කොරෝනා වයිරසය වැළඳී දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙක් දිගු කාලීන රෝගවලින් පීඩාවිඳින බවත් ඔවුන් දැඩි ලෙස දුර්වල වන බවත් විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.
පර්යේෂකයන් පවසන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව හෝ ඉන්‍ෆ්ලුවෙන්සා මෙන් නොව මෙම වයිරසය කොරෝනා ආසාදනය සුව වී බොහෝ කලකට පසුව ද අඛණ්ඩව පවතින රෝග ලක්ෂණ රාශියක් ඇතිකරන බවයි.
මේ වනවිට අවම වශයෙන් ඇමෙරිකාවේ මිලයන 34ක් දැනටමත් කොරෝනා ආසාදනය වී සිටිති. චීනයේ කරන ලද එක් අධ්‍යයනයක දී තහවුු වී ඇත්තේ කොරෝනා සුව වී රෝහලෙන් පිටව ගොස් මාස හයකට පසු අවම වශයෙන් එක් රෝග ලක්ෂණයක් හෝ වර්ධනය වීමේ සම්භාවිතාවක් දක්නට ලැබෙන බවයි. මේ ආසාදිතයන්ට පසුකාලීනව නිරන්තර ගැටලු ඇතිවිය හැකියැයි ද හඳුනාගෙන ඇත.
මෙවැනි දිගුකාලීන හා පොදු රෝග ලක්ෂණ අතර අධික වෙහෙස, ශ්වසන ආබාධ, මොළයේ ආබාධ, හෘදය, වකුගඩු හා ආමාශ ආශ්‍රිත සංකූලතා, ගඳ සුවඳ හා රසය දැනීම අහිමිවීම, දියවැඩියාවට ගොදුරුවීම වැනි ගැටලු දිගින් දිගටම එවැනි පුද්ගලයන් තුළ දක්නට ලැබෙයි.
ඇතැම් පුද්ගලයන්ට මාස ගණනාවක් රෝග ලක්ෂණ නොමැති බැවින් කොරෝනා ආසාදනය වී දිවි ගලවාගත් බොහෝ දෙනකු “නව සාමාන්‍යයකට” පුරුදුවනු ඇතැයි බිය වෙති.
කොරෝනා ආසාදනය වී එය සුව වී මාස කිහිපයකට පසුව පවා රෝග ලක්ෂණ මතුවිය හැකිය. එවැනි බොහෝ දෙනකුට නැවත සේවයට පැමිණිය නොහැකි වෙයි. ආසාධිත වූ තරුණ තරුණියන් සංඛ්‍යාව වැඩිවන විට සමස්ථ තරුණ පරපුර ම දරුණු ලෙස රෝගයට ගොදුරු වනු ඇතැයි පෙනේ. මේ බව සිහි තබාගෙන ආරම්භයේ සිට කටයුත කළ යුතුය.
ඔවුන් මුහුණ දෙන පුද්ගලික වේදනාවන් හා දුකට අමතරව දිගු කාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් විශාල සෞඛ්‍ය මිලක් දැරීමට සිදුවනු ඇත. රැකියා අහිමිවීම, අඩුකිරීම, සේවක වන්දි සහ ආධාරක වැඩසටහන් පවත්වාගෙන යාම, ආර්ථිකයට එල්ලවන පීඩනය යන සියල්ල සැළකූ විිට රටක සාමාන්‍ය සෞඛ්‍ය බරෙන් 30% පමණ කොරෝනා හේතුවෙන් ඇතිවන වන ගණන් බලා තිබේ.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ස්ටීවන් මාටින් පවසන්නේ මෙවැනි කතාවකි.
“අඛණ්ඩව පවතින රෝග ලක්ෂණ සහිත මිලියන ගණනාවක ජනතාව සමඟ කොරෝනා වසංගතය අවසන් වුවත්, ඒ සෑම පුද්ගලයකු ම අපිට විශාල බරක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ සෞඛ්‍ය සේවා පද්ධතිය වගේම අපේ සමස්ත සමාජයටම එය අහිතකර බලපෑමක් වෙනවා.”
එක්සත් ජනපදයේ වර්තමාන සමාජ තත්ත්වය තුළ මෙලෙස රෝගීවන පුද්ගලයන්ගේ නව ප්‍රවාහය සඳහා කටයුතු කිරීමට ශක්තිමත් නොවේ යැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති. සේවක වන්දි ලබාගැනීම්, සමාජ ආරක්ෂණ කටයුතු සහ පුද්ගලික රෝගී රක්ෂණ ඇතුළු කටයුතු මෙන්ම රෝගීන් සඳහා සේවා සැපයීම පවා සේවා ස්ථානවලට ගැටලුවක් විය හැකි තරමට ප්‍රශ්නකාරී විය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඔවුන් පෙන්වාදෙන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා සමාජ ආරක්ෂණ කළමනාකරණ අවශ්‍යතා අවම වශයෙන් මාස 12ක කාලයක්වත් පැවතිය යුතු යැයි හො අපේක්ෂා කළ යුතු බවයි.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තත්ත්වය වඩාත් සාර්ථකව අවබෝධ කරගැනීම සඳහා එවැනි රෝගී කණ්ඩායම් සමඟ එක්ව පර්යේෂණ දියත්කර තිබේ. ඊට අමතරව, කොරෝනා හේතුවෙන් දීර්ඝකාලීන ආබාධවලට ගොදුරු වී ඇති පුද්ගලයන් රැකබලා ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් සැකසීම, සත්කාර සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීම හා අරමුදල් සැපයීම කෙරෙහි ද අවධානය යොමුකර ඇත.
ඇමෙරිකා පර්යේෂකයන් පවසන්නේ ජාතික හා ගෝලීය මට්ටමින් මෙය සිදුකළ යුතු බවයි.
එමෙන්ම සේවයේ නිරතව සිටින පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම්, පුද්ගලික රක්ෂණ ගෙවීම් සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක පිළිබඳ ජාතික සම්මුතියක් ද ඇතිකිරීම කෙරෙහි මෙහි දී අවධානය යොමුවී තිබේ. මේ සඳහා රක්ෂණ සැළසුම් පරිපාලකයන් සෞඛ්‍ය ආර්ථික පර්යේෂණ භාවිතා කළ යුතු බව ද පර්යේෂකයෝ කියති.
කොරෝනා හේතුවෙන් හටගන්නා කෙටිකාලීන හා දිගුකාලීන ආබාධිත ගෙවීම් සහ සේවාවන් අවශ්‍යවන රෝගීන් සංඛ්‍යාව විශ්ලේෂණය කිරීම ssa හි ඉදිරියෙන්ම පැවැතිය යුතුය.
එමෙන්ම පර්යේෂකයන් පවසන්නේ කොරෝනා ආශ්‍රිත ආබාධිතභාවය පිළිබඳ සියලු ගැටලු මෙතෙක් වාර්තා වී නැති බවයි. ඒවා තරමක් අද්භූත බවත් ඔවුහු පෙන්වා දෙති. 2020 මුල් කාර්තුවේ සිට ක්ෂණිකව ඇතිවන රෝග සහ දිනෙන් දින ඇතිවන නව ගැටලු සමඟ කටයුතු කරනනේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලීමට වෙහෙස වෙමින් සිටි බවත් කොරෝනා හේතුවෙන් සිදුවන නව බලපෑම කුමක් ද යන්න කල්තියා සැළසුම් කිරීමට කාලය පැමිණ ඇති බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
මෙම ලිපියේ පළමු පළමු පිටපත මෙතැනින්