-2.1 C
New York

“ශ්‍රී ලංකා – චීන” කාසි එළිදකී. පළමු කාසිය ජනපතිට මහබැංකු අධිපතිගෙන්

Published:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කරන ලද රුපියල් 1000.00 සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අද (06) ජනාධිපති ගෝඨාභය රජපක්ෂ වෙත පිළිගැන්වූවේය.

රජය පවසන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම සමරු කාසිය නිකුත් කළ බවයි.

කාසියේ එක් පැත්තක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමඟ නෙළමු පොකුණ මහින්ද රජාපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම දැක්වෙයි. 2022 යන්න නෙළුම් පොකුණ රඟහළ රූපයට යටින් විශාල ඉලක්කමින් දක්වා තිබේ. සිංහල, ඉංගීසි හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65” යනුවෙන් සඳහන් කර තිබේ.

කාසියේ අනෙක් පැත්තේ රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් සඳහන් කර ඇත.

මේ ආකාරයෙන් රන් සමරු කාසි 500ක් සහ රිදී සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව පවසයි.

Related articles

Recent articles

spot_img