spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත්කරණය නවතී. විශාල පිිරිසක් ආපසු හැරී යති

පුවත්

විදෙස්

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සිදුකළ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මීට සුළු වේලාවකට පෙර නතර වී තිබේ.

එන්නත් වැඩසටහන නතර කරන බව පෝළිමේ සිටින පිරිස්වෙත පොලිසියෙන් සහ හමුදාවේ නිලධාරීන් විසින් දැනුම් දුන් බව එහි සිටින පුද්ගලයෝ කියති. එන්නත්කරණ වැඩසටහන නවතා දමනවිට එන්නත් බලාපොරොත්තුවෙන් 1000කට ආසන්න පිරිසක් පොළිමේ රැඳී සිටියහ.

ඊයේ මෙම ස්ථානයේ දී පුද්ගලයන් 3500කට ආසන්න පිරිසකට එන්නත් ලබාදුන් බවත් අද (06) දිනයේ දි ද එවැනිම සංඛ්‍යාවකට එන්නත ලබාදුන් බවත් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව වාර්තාවන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා 7000ක් ලැබුණු බවයි.

එන්නත්කරණ වැඩසටහන නවතා දමන බවට පොලිසියෙන් නිවේදනය කළ අතර එම නිවේදනයේ කියවුණේ එන්නත් අවසන්බැවින් මෙලෙස වැඩසටහන නතර කරන බවයි. ඉදිරියේ දී එන්නත් ලැබුණු පසු යළි එන්නත්කරණය මෙම ස්ථානයේ දී සිදුකරන බව ද එම නිවේදනයේ ප්‍රකාශ කෙරිණි.

එහි සිටින මාධ්‍යවේදී නන්දසිරි වැලිගමගේ පවසන්නේ එලෙස නිවේදනය කිරීමෙන් පසු විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්ට සහ ආරක්ෂක සේවයේ නිරත පුද්ගලයන්ගේ දෙමාපියන් සඳහා වෙන්කර තිබූ පෝළිමේ කිහිප දෙනකු සඳහා එන්නත් ලබාදෙමින් පවතින බවයි. මේ අතර විශාල පිරිසක් තවමත් එන්නත් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් විද්‍යාලෝක විදුහලේ ගේට්ටුවෙන් පිටත රැඳී සිටිති.

එන්නත් ලබාගත් පිරිස් පැවසුවේ යුද හමුදාව විසින් විද්‍යාලෝක විද්‍යාල පරිශ්‍රය තුළ ඉතාමත් සැළසුම් සහගතව මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි. එසේ වුව ද දිනයක් හා වේලාවක් වෙන්කරගැනීමට ක්‍රමවේදයක් නොවූයෙන් විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විශාල පිරිසක් එම පරිශ්‍රයෙන් පිටත පෝළිම්වල විශාල වශයෙන් රැඳී සිටි අතර ඔවුන් දුරස්ථභාවය ආරක්ෂා නොකරන ආකාරය ද දක්නට ලැබිණි.

රජය මුලින් නිවේදනය කළේ ඊයේ (05) උදෑසන 8.30 සිට සෑම දිනකම උදේ 8.30ත් 4.30ත් අතර කාලයේ දී වයස අවුරුදු 60 ඉක්මවූ ඕනෑම පුද්ගලයකුට එන්නත් ලබාගත හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles