-5.9 C
New York

මාතර උයන්වත්ත හුදකලා කළේ වැරදීමකින් ?

Published:

මාතර උයන්වත්ත ප්‍රදේශය අද (06) උදෑසන 6.00 සිට හුදකලා කර ඇත්තේ සන්නිවේදන සන්නිවේදන දුර්වලතාවක් හේතුවෙන් යැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න පවසයි.

ඔහු පවසන්නේ මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම සහ උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා කරන ලද බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනය කළ ද එවැනි තීරණයක් ගෙන නැති බවයි.

යම් ප්‍රදේශයක් හුදකලා කිරීමේ වගකීම එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීවරයා ඇතුළු කොවිඩ් මර්ධන කමිටුවට හිමිවෙයි. මාතර උයන්වත්ත හා උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම්වලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් ‍කිහිප දෙනකු වාර්තා වී ඇතත් එය ප්‍රදේශය හුදකලා කිරීමට තරම් අවශ්‍යවන හේතුවක් නොවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් මතුවූ ප්‍රශ්නයක් බවයි.

Related articles

Recent articles

spot_img