-5.9 C
New York

දැරිය අපයෝජනය කළැයි සැකපිට විශේෂඥ වෛද්‍යවරයෙක්, මාලදිවයිනේ ඇමතිවරයෙක් අත්අඩංගුවට

Published:

බාල වයස්කාර දැරියක මිල දී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

කොළඹ ආසන්න රෝහලක‍ සේවය කරන මෙම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් පුද්ගලයා 33 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 34 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර දැරියගේ මව සහ දැරියව විවිධ පාර්ශ්වයන් වෙත ලබාදුන් පුද්ගලයින්, ප්‍රවාහනය කළ පුද්ගලයින්, කාමර පහසුකම් ලබාදුන් පුද්ගලයින්, දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයින්, දැරියව අළෙවි කිරීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයින්, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img