-5.9 C
New York

ගාල්ලෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවූ තරුණියගේ සේවා ස්ථානයෙන් තවත් ආසාදිතයන් හමුවෙයි

Published:

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයකු සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් වාර්තා වී ඇතැයි ‍සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (04) වනවිට එම ඇඟළුම් කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එහි සේවක සේවිකාවන් පිරිසකට කොරෝනා එන්නත් ලැබී ඇති බවයි. එසේ වුව ද සියලුම දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බවත් ආසාදිත වූ අය‍ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ආශ්‍රිතයන් සියළු දෙනා නිරෝධායයට යොමුකර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් 14 දෙනාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ස්ථිරව ම කිව නොහැකි බවයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇතැයි හඳුනාගත් තරුණිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකාරියකි. ඇගේ පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමුකර සිටින බවත් නිරෝධානය අවසන් වූ පසු පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img