spot_img
spot_imgspot_img

බස්නාහිර පළාතේ වයස 30 ඉක්මවූ සැමට කොරෝනා එන්නත් හෙට සිට

පුවත්

විදෙස්

බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට හෙට (05) සිට ත්‍රිවිධ හමුදා රෝහල් කිහියකින් ම කොරෝනා එන්නත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද සිල්වා පවසයි.

ඒ අනුව වයස අවුරුදු 30ට වැඩ බස්නාහිර පදිංචි ඕනෑම අයකුට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පහත සඳහන් ස්ථානවල දී එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

යුද හමුදා රෝහල් – නාරාහේන්පිට, පනාගොඩ, වේරහැර

ගුවන් හමුදා රෝහල් – බොරැල්ල ගුවන්පුර, කටුනායක, රත්මලාන, ඒකල

නාවික හමුදා රෝහල් – වැලිසර සහ කොළඹ චෛත්‍යය පාර

බස්නාහිර පළාතේ හැර අනෙකුත් පළාත්වල දැනට එන්නත් ලබාදෙනු ලබන්නේ වයස අවුරුදු 60ට වැඩි අය සඳහා වන අතර එවැනි පුද්ගලයන්ට පහත සඳහන් ස්ථානවල දී එන්නත් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

ගාල්ල – විද්‍යාලෝක විද්‍යාලය

මාතර – මහින්ද රාජපක්ෂ විද්‍යාලය

යුද හමුදා රෝහල් – දියතලාව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය හා මුලතිව්

එම ස්ථානවලින් ද හෙට (05) සිට සෑම දිනකම උදේ 8.30 ත් සවස 4.30ත් දක්වා කාලයේ දී වයස අවුරුදු 60ට වැඩි ඕනෑම අයකුට එනනත් ලබාගැනීම් අවස්ථාව හිමිවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!