2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම Online ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, හෙට (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමයට සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වූ https://www.doenets.lk/ වෙත පිවිසීමෙන් හෝ විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන් ජංගම දුරකථන යෙදුම (Mobile App) මගින් හෝ ලියාපදිංචි විය හැකි බව ද හෙතෙම කීවේය.
උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 වැනි දා සිට 30 වැනි දා දක්වා පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.



