-5.9 C
New York

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

Published:

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය.

ඔහු එහි දී කියා සිටියේ විශේෂයෙන් ම පාසල් විවෘතකිරීමට පෙර ගුරුවරුන්ට එන්නත්කරණය ලබාදීම අත්‍යාවශ්‍ය බයි. මේ දිනවල විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල එන්නත්කරණය සඳහා යොමුකරමින් සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

සිකුරාදා (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් කියා සිටියේ ළමුන් 100කට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ජූලි මාසයේ දී විවෘතකිරීමට තීරණය කර ඇති බවයි. මෙරට පාසල් දරුවන් අතරින් 6%කට Online අධ්‍යාපනය අහිමිවී තිබීම හේතුවෙන් ඒ සඳහා මධ්‍යස්ථාන 2000ක් ආරම්භ කරන බවත් ළමුන් 100කට අඩු පාසල් 2962 ක් විවෘත කරන බවයි.

නමුත් එම විවෘතකිරීම සිදුකරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව බව ද අමාත්‍යවරයා පැහැදිලිව සඳහන් කළේය. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද සහභාගී වී සිටියේය.

Related articles

Recent articles

spot_img