-5.9 C
New York

වරාය නගරය ඇතුළු ආයතන ගණනාවක් බැසිල් රාජපක්ෂ යටතට

Published:

නුදුරු දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්ව ආමත්‍යවරයකු ලෙස දිවුරුම්දීමට නියමිව සිටින බැසිල් රාජපක්ෂට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාාර්ග සඳහන් කරයි.

ලබන 08 වැනි දා බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එදින ම හෝ ඊට පසුදින ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිතය.

මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යධූරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද බැසිල් රාජපක්ෂ යටතට පත්කිරීමට නියමිතය.

මීට අමතරව බැසිල් රාජපක්ෂ යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ජනාධිපතිවරයා, අගමැතිවරයා, චමල් රාජපක්ෂ ඇමතිවරයා සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇති අමාත්‍යාංශවල දැනට ඇති තවත් ආයතන කිහිපයක් ද ගැසට් කිරීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වන අතර ඔහු 2010-2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

Related articles

Recent articles

spot_img