spot_img
spot_imgspot_img

“ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බව තව මාසයකින් පෙනේවි” – වෛද්‍ය සංගමය කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් මේ වනවිටත් වාර්තා වී ඇති කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම තවත් මාසයකින් පමණ දරුණු ලෙස දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කීවාය.

පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් රෝගය පැතිරීමේ අඩුවක් සහ මරණවල අඩුවක් දක්නට ඇතත් මේ වනවිට සංචරණ සීමා ලීහිල් කිරීම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම දැඩි ලෙස පිළිපැදීමට උනන්දු නොවුණහොත් ඉදිරියේ දී ඉතාමත් භයානක තත්ත්යක් ඇතිවන බව ද වෛද්‍යවරිය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් වේගවත් කළයුතු බව ද ඇය පවසයි.

“මේ දිනවල අපි සාමාන්‍ය තත්ත්වයක් දකින්නේ සති තුනට පමණ පෙර රට වසා දමා කොරෝනා පාලනය කරපු නිසා. නමුත් මේ දිනවල කොරෝනා වසංගතයේ පැතිරීමේ ප්‍රතිඵල අපිට දකින්න ලැබෙන්නේ තවත් මාසයකින් විතර. ඒ වනවිට අපිට වසංගතය පාලනය කරන්න නොහැකි වේවි. අපි සැළකිලිමත් වෙන්න ඕනෑ මේ වසංගතය පැතිරීම හැකිතරම් පාලනය කිරීමට. අපේ නොසැලිකිල්ල නිසා තමයි කොරෝනා රට පුරාම පැපතිරෙන්නේ.” යැයි ද ඇය පැවසුවාය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!