-4.8 C
New York

බාලවයස්කාර දැරිය විකුණූ වෙබ් අඩවියේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Published:

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික සේවා සඳහා අළෙවි කිරීම සම්බන්ධ දැන්වීමක් පළකරන ලද වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් ‍රෝහණ පවසයි.

වෙබ් අඩවියේ හිමිකරු පානදුර නල්ලූ‍රුව පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා වෙබ් අඩවියේ මුදල් පාලනය කළ අයෙකු බවත් ඔහු පිළියන්දල, මාවිත්තර පදිංචි 43 හැවිරිදි අයකු බවත් පොලිසිය පවසයි.

එම පුද්ගලයන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකපිට 26 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර 15 හැවිරිදි දැරියගේ මව සහ තවත් කාන්තාවක් ද සිටිති.

තවත් පුද්ගලයන් 16 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන් සෙයො විමර්ශන සිදුකරන බව ද පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img