-4.8 C
New York

කාරාපිටියෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි. රෝගියා හඳුනාගැනීමේ උත්සාහයක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකරන ලද කොරෝනා ආසාදිතයකුගේ ජෛව සාම්පලයක තිබී ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ බව තහවුරු වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අංශය විසින් කරන ලද පර්යේෂණ අනුව අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදුන් වාර්තාවේය.

වෛද්‍ය ‍හේරත් පවසන්නේ මෙම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ පදුග්ලයා පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය, ප්‍රදේශය හා පදිංචි ලිපිනය පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකය සොයමින් සිටින බවයි.‍ වෛද්‍ය හේරත්ගේ ප්‍රකාශය අනුව පැහැදිළි වන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් පැහැදිලි නැති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවක් ගත් පිරිසට හා එකම එන්නත් මාත්‍රාවක් හෝ ලබා‍ නොගත් පිරිසට ඩෙල්ටා ප්‍රභේදයෙන් අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවයි. එබැවින් රටේ සැළකිය යුතු ජනගණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගන්නා තුරු සියලුම දෙනා ප්‍රවේශම් වියයුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

Related articles

Recent articles

spot_img