spot_img
spot_imgspot_img

පාසල් දරුවන් 6%කට අධ්‍යාපනයක් නෑ. Online අධ්‍යාපනය නැති පාසල් 3,500ක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් පාසල් 3,514ක Online අධ්‍යාපන පහසුකම් නොමැති බව හඳුනාගෙන ඇති අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. මෙම පාසල් සංඛ්‍යාව මෙරට පාසල් අතරින් 34.6 % කි.

පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 43 ක් බවත් ඉන් 6% ප්‍රමාණයට හෙවත් දළ වශයෙන් පාසල් දරුවන් 258,000කට Online අධ්‍යාපනය ලැබීමට අවස්ථාවව අහිමිවී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් දරුවන් සඳහා එම පහසුකම් ලබාදිය හැකි මධ්‍යස්ථාන 2,000ක් රටපුරා ආරම්භබකිරීමටත්, මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල් සහ ප්‍රජාශාලා ඒ සඳහා යොදාගැනීමට ත් කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, කලාප අධ්‍යක්ෂවරු මෙන් ම විදුහල්පතිවරුන් විසින් එම ස්ථාන 2,096ක් හඳුනාගෙන ඇති අතර ජුලි මස 05වන දින එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!