මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සංස්කාරකත්වයෙන් පවත්වාගෙන යන medialk.com නමැති වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන ලද “චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨාභය ඝාතන සැළසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී”නමැති ලිපිය facebook සමාජ මාධ්‍යයට එකතුකළ විට ඊට ප්‍රතිචාර දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යවේදියාට අනියම් ආකාරයට තර්ජනය කර ඇතැයි මාධ්‍ය සංවධාන එකතුව සිය විරෝධතාව පළකරයි.
තරිඳු ජයවර්ධන විසින් පළකරන ලද එම ලිපියට සිය facebook ගිනුමක් ඔස්සේ සම්බන්ධවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පුවත බොරුවක් යැයි පළමුව පවසන අතර ඉන් පසු අදහස් දක්වන අනෙකුත් පුද්ගලයන් සමඟ දිගින් දිගටම අදහස් දක්වමින් සංවාදයේ නියැළී ඇත.
මාධ්‍යයක පළකරනු ලබන යම් පුවතක් අසත්‍යයක් නම් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට හෝ නිවැරදි කිරීම සඳහා අවස්ථාව ඉල්ලීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් ඇති අතර එවැනි අවස්ථාවක දී හැකි ඉක්මණින් කරුණු පැහැදිලි කිරීම හෝ නිවැරදි කිරීම මාධ්‍ය සදාචාරය ද වෙයි. ඉතාමත් දීර්ඝකාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළි ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන තරිඳු ජයවර්ධන මාධ්‍ය සදාචාරයන් පිළිබඳ දැඩි සේ උනන්දුවන පුද්ගලයකු බව පාඨකයන් ද දන්නා කරුණකි. ජ්‍යෙෂ්ඨ නිනයෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහස් දැක්වීම හමුවේ ප්‍රති අදහස් දක්වන පාඨකයන් ද ඒ බව ප්‍රකාශ කර තිබේ.
එවැනි පැහැදිලි කිරීමකින් හෝ නිවැරදි කිරීමකින් ද සෑහීමකට පත්වන්නේ නැතිනම් මෙරට පිළිගත් වෘත්තීය මාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් ද පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොදන්නා කරුණක් නොවේ.
නමුත් එසේ තිබිය දී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළකරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් සඳහන් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටින්නේ යැයි ද එහ සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශය අනියමාර්ථයෙන් තර්ජනය කිරීමක් බව මාධ්‍ය සංවිධානවල අදහස වී ඇත. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය හා ශ්‍රී ලංකා තරුණන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන මාධ්‍ය සංවිධාන ඒකාබද්ධ වී මේ පිළිබඳ පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිපියක් යොමුකර ඇත.
ඉන් දක්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ facebook අදහස් දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් තිබෙන බවයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර, විමර්ශනයක් සිදුකර මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදහස් දැක්වූ Facebook පෝස්ටුව පහතින් දක්වා ඇත.
https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748


සර්ලා කියන විදියට බුරන හපන ‘ජඩ’බල්ලෙක්.පොලිස්පති වෙන්න සිහිනදකිනවා.එහෙම උනොත්රටේ නිතියට අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිට තමා.දැනටත් පොලාසිවල කාන්තාහිංසන බලහත්කාරකම් අපයෝජන.