-5.9 C
New York

කොටස් වෙළඳ පොළ තරමක වර්ධනයක් ‌පෙන්වයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දින සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.9 කින් ඉහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7746ක් ලෙස සටහන් විය.

සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලයන 1.8කි.

අද දිනයේ වැඩිපුර කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 500යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 156යි, LOLC සමාගම රුපියල් මිලියන 155ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 506ක කොටස් විකුණා ඇති අතර එයින් එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 441යි, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 11යි, පීපල් ලීසින් සමාගම රුපියල් මිලියන 05ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් විසින් මිල දී ගත් කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 99ක් පමණි. එ් අනුව රුපියල් මිලියන 407ක මුදලක් සමස්තයක් ලෙස කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 64යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05යි, සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.1ක් වශයෙනි.

සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි අසාමාන්‍ය ලෙස මිල ඉහළ යන සමාගම් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු දෙනු සාමාන්‍ය ආකාරයකින් සිදුවෙමින් පවතී.

Related articles

Recent articles

spot_img