-4.8 C
New York

බඩේ අමාරුවක් බව පවසමින් කරාපිටියට රෝහලට ආ කාන්තාව දරුවකු බිහිකරයි

Published:

උදරයේ වේදනාවක් ඇති බව පවසමින් අද (02) අලුයම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවක් දරුවකු බිහිකිර ඇතැයි රෝහල් අරංචිමාර්ග සඳහන් කරයි.

තම මව සහ පියා සමඟ කරාපිටිය රෝහලට පුද්ගලික රථයකින් පැමිණි මෙම කාන්තාව දැඩි වේදනාවකින් පසුවීම හේතුවෙන් ඉක්මණින් ම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ අලුයම  2.00ට පමණය.

ඉන් සුළු වේලාවකට පසු එනම් අලුයම 2.35ට ඇය පිරිමි දරුවකු හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ප්‍රසූත කලාය. මෙලෙස දරුවකු බිහිකර ඇත්තේ ගාල්ලේ බටදූව පදිංචි 40 හැවිරිදි කාන්තාවකි. ඇයගේ ගර්භනී භාවය පිළිබඳ කිසිදු සායනික වාර්තාවක් නොතිබූ බව ද ‌රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

එම කාන්තාව රෝහලට රැගෙන ආ ඇගේ මව සහ පියා රෝහලේ කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ තම දියණියට දරුවකු ලැබීමට සිටිනවා යැයි නොදන්න බවයි.

දරුවා සහ මව නිරෝගීව සිටින බවත් අද අලුයම 4.30ට පමණ ඔවුන් දෙදෙනා මහමෝදර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත් කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කියති.

හෙද වර්ජනයක් ඊයේ (01) සහ අද (02) ක්‍රියාත්මක වුව ද හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන බැවින් දරුවා බිහිකිරීමේ දී එම මවට ගැටලුවක් ඇතිවීමට ඉඩ නොදුන් බවද හෙද වෘත්තීය සමිති පවසයි.

Related articles

Recent articles

spot_img