-4.8 C
New York

අධ්‍යාපනය සඳහා රට යන අය කොරෝනා එන්නත් සඳහා ලියාපදිංචිය ඇරඹේ

Published:

අධ්‍යාප කටයුතු සඳහා විදෙස්ගතවීමට නියමිව සිටින ශ්‍රී ලාංකික පිරිස්වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සඳහා අද (02) සිට ලියාපදිංචිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඔවුන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදෙන බවත් තම රටට පැමිණීමේ දී එන්නත් කර තිබීම අනිවාර්ය ලෙස සඳහන්කරන රටවලට ගොස් අධ්‍යාපනය ලබන අය සඳහා මෙලෙස එන්නත් ලබාදෙන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය වූ www.army.lk/covid19  එවැනි සිසුන්ට ලියාපදිංචිවීමට හැකි බව ද එලෙස ලියාපදිංචි වී දින දෙකක් ඇතුළත එන්නත් ලබාදෙන දිනය, ස්ථානය හා වේලාව අයදුම්කරු වෙත ලබාදෙන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related articles

Recent articles

spot_img