ඉන්දුනීසියාව සිය ප්‍රධාන දිවයින වන ජාවා මෙන්ම සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බාලි ද වසා දමන බව නිවේදනය කර තිබේ.
මෑත සති වලදී රටේ කොරෝනා රෝගීන් වාර්තා වීම භයානක ලෙස ඉහල යෑම හේතුවෙන් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
නිවාඩු දිනවලදී ජනතාව සංචාර සඳහා වැඩිපුර යොමු වීම සහ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීම ඉහල ගොස් තිබේ.
අගුලු දැමීම සති දෙකක කාලයක් පවතින අතර එමගින් දිනකට රෝගීන් සංඛ්‍යාව 10,000 ට අඩු කිරීමට අපේක්ෂා කරයි.
මේ වන විට රට තුළ දිනකට නව රෝගීන් 20,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.
ඉන්දුනීසියාවේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන දෙකක් වන අතර කොවිඩ් මරණ 57,000ක් පමණ සිදුවී තිබේ. මෙය ගිනිකොණදිග ආසියානු රටවල් අතර ඉතාම දරුණු තත්ත්වයක් ලෙස සඳහන් වේ.
කෙසේ වෙතත්, විශේෂඥයන් අනතුරු අඟවන්නේ ජකර්තා නගරයෙන් පිටත දැඩි ලෙස පරීක්ෂා නොකිරීම නිසා රෝගීන් වාර්තා වීම බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි.
නව නීතිරීති යටතේ, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරවල සියලුම කාර්ය මණ්ඩලයන්ට නිවසේ සිටම වැඩ කිරීමට සිදුවන අතර දුරස්ථ ඉගෙනීම පාසල් හරහා ක්‍රියාත්මක කෙරේ.
වෙළඳ සැල්, පූජනීය ස්ථාන සහ උද්‍යාන වැනි පොදු විවේක පහසුකම් ද වසා තබනු ඇත.
සෞඛ්‍ය, ආරක්ෂාව සහ බලශක්ති කර්මාන්ත 100% ක ධාරිතාවයකින් පවත්වාගෙන යාමට ඉඩ දෙනු ඇත, එයින් අදහස් කරන්නේ ඒවායේ සියලුම සේවකයින්ට රැකියාවට යා හැකි බවයි. අත්‍යවශ්‍ය යැයි සැලකෙන මූල්‍ය සේවා වැනි ආයතන 50% ක ධාරිතාවයකින් ධාවනය කළ හැකිය.