-2.1 C
New York

මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට

Published:

බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් කුමාර පවසයි.

දැරිය අළෙවි කිරීම සම්බන්ධයෙන් මීට පෙර ඇගේ මව, ඇය සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබිණි. මූලික පරීක්ෂණවල දී තහවුරු වූයේ මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 10,000.00 සිට 30,000.00 දක්වා මුදලකට අළෙවි කර ඇති බවයි.

ඒ අනුව කරන ලද පරීක්ෂණවල දී දැරිය අපයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ව්‍යාපාරිකයකු ද පානදුර පදේශයේ පදිංචි අයකු ද සිටින බව පොලිසිය පවසයි. එම තිදෙනා අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගත් අය අතර දැරිය අළෙවි කිරීම තැන තැනට රැගෙන ගිය ත්‍රී රෝද රථ හා මෝටර් රථවල රියදුරන් දෙදෙනකු ද අළෙවිය සඳහා වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළ අයකු සහ බෞද්ධ භික්ෂුවක් ද සිටින බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img