spot_img
spot_imgspot_img

වාණිජ ක්ෂේත්‍රයේ දිදුලන දියමන්තියක් බඳු Hatton National බැංකුව

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර වෙනත් කිසිදු වාණිජ බැංකුවකට හිමි නොවන වරප්‍රසාද රාශියක්  සහිත විවිධාංගීකරණයෙන් යුතු  බැංකුව හැටන් නැෂනල් බැංකුවයි. 1888 වර්ෂයේ හැටන් බෑන්ක් යන නාමයෙන් ආරම්භ කළ වාණිජ බැංකුවේ නාමය පසුකාලීනව හැටන් නැෂනල් බැංකුව ලෙස වෙනස් විය. ඒ අනුව එහි ඉතිහාසය අවුරුදු 133ක් දක්වා අතීතයකට දිව යයි.

දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා 252කින් යුක්තව ක්‍රියාත්මක වන හැටන් නැෂනල් බැංකුව පාසල් සහ අනෙකුත් ආයතනවල පවතින ඉතුරුම් මධ්‍යස්ථාන සංඛ්‍යාව 162ක් වේ..

ශ්‍රී ලංකාවේ බැංකු කටයුතුවල නිරතවන ජනගහණයෙන් 25%ක් හෙවත් ලක්ෂ 26ක ගනුදෙනු කරුවන් සංඛ්‍යාවක් හැටන් නැෂනල් බැංකුව සතුය. ශ්‍රී ලාංකිකයන් අතර ඉතුරුම් තැන්පතු වර්ධනය කිරීමේ අරමුණින් තෑගි ලබා‍දෙන ඉතුරුම් ක්‍රමයක් මුල්වරට හඳුන්වා දෙන ලද්දේ ද හැටන් නැෂනල් බැංකුව විසිනි. “පැතුම් විමන” නමින් ආරම්භ කළ මෙම ඉතුරුම් ක්‍රමය බැංකු වෙත තැන්පතු කරුවන් ආකර්ශනය කරන ලද අනගිභවනීය ක්‍රමයක් වෙයි.

නිවාස ඉදිකරන්නන් සඳහා වූ “ශාන්ති නිවාස ණය” යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය මට්ටමේ සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් වෙත හඳුන්වාදුන් “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමයත්, මෙම බැංකුව සතු ආකර්ශනීය ණය යෝජනා ක්‍රම වෙයි. ග්‍රාමීය ජනතාව කෙරෙහි ආකර්ශනය වූ “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමය හා සම වන්නට කිසිදු ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකාවේ බැංකුවකින් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

හැටන් නැෂනල් බැංකුව සතු තවත් ප්‍රධානතම පහසුකමක් වන්නේ, ඔවුන් සතු සම්පූර්ණ බැංකු ශාඛා 252න් 210ක ම බැංකුවේ ඕනෑම කවුන්ටරයක් වෙත ආබාධිතයන්ට ගමන් කළ හැකි ආකාරයෙන් පහසුකම් ලබා දී තිබීමයි. ශාඛා ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ ඉන් 148ක් බස්නාහිර පළාතෙන් පිටත පිහිටා ඇති බවයි.

දැනට ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍රයේ තැන්පතු සහ ණය දීම් ශ්‍රේණිගත කිරීම් අනුව හැටන් නැෂනල් බැංකුව ප්‍රමුඛතම බැංකුවක් බවට පත්ව ඇත. වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ මෙතෙක් රුපියල් බිලියන 24ක මුදලක් තම ගනුදෙනු කරුවන්ට ලබා දී ඇති අතර එම ණය යෝජනා ක්‍රමය හැරෙන්නට පාස්කු ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගතයෙන් ව්‍යාපාර අකර්මන්‍ය වූ පාරිභෝගිකයන් සඳහා හැටන් නැෂනල් බැංකුව සතු මුදල් යොදාගෙන රුපියල් බිලියන 05ක ණය මුදලක් මේ වනවිට ලබාදී තිබේ.

හැටන් නැෂනල් බැංකුව සතු විවිධාංගීකරණයේ තවත් කොටසක් වන්නේ ශ්‍රී ලාංකාවේ වාණිජ බැංකුවක් සතු වැඩිම කොටස් හිමි රක්ෂණ සමාගම එනම් HNB Asuarance සමාගමේ 60% කොටස් හිමිකාරීත්වය දැරීමයි

ග්‍රාමීය ජනතාවට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සඳහා පිහිටුවා ඇති HNB Finance PLC සමාගමේ 51% කොටස් හිමිවන්නේ ද හැටන් නැෂනල් බැංකුවටයි. හැටන් නැෂනල් බැංකු මූලස්ථානය පිහිටා ඇති Fitcher Developers ගොඩනැගිල්ලේ අයිතිය 100%ක් ම බැංකුව සතු දේපළකි.

ශ්‍රී ලංකාවේ ගනුදෙනු කරුවන් සඳහා පිහිටුවා ඇති Acquity partners ආයතනයෙන් 50% හිමිවන්නේ ද හැටන් නැෂනල් බැංකුවටය. එම කොටස් හිමිකම මත Acquity stock walkers යන කොටස් වෙළෙඳ පොළ තැරව්කාර සමාගමේ පාලනය ද හැටන් නැෂනල් බැංකුවට හිමිව ඇත

හැටන් නැෂනල් බැංකුව මූල්‍ය වෙළෙඳ පොළ සුවිශේෂී දියමන්තියක් ලෙස හැඳින්වීමට තවත් හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ වාණිජ බැංකුවල එච්එන්බී බැංකුව සතුව විශාල කොටස් ප්‍රමාණයක් තිබීමයි.

2019-2020 මූල්‍ය වර්ෂය HNB බැංකුවට සුවිශේෂී මූල්‍ය වර්ෂයක් වූ අතර එහි මුළු තැන්පතු ප්‍රමාණය 19%කින් වර්ධනය වී එහි අගය බිලියන 994ක් දක්වා වැඩි වී තිබේ. එම මූල්‍ය වාර්තාව අනුව HNB බැංකුව ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 846කි. හැටන් නැෂනල් බැංකුව සතු සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ගණනය කිරීමේ දී එය රුපියල් බිලියන 1371කි.

අවසන් මූල්‍ය වර්ෂයේ හැටන් නැෂනල් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 301.28ක් වන අතර අවසාන වර්ෂය සඳහා එක් කොටසක ඉපයීම (EPS) රුපියල් 25.8කි. එම කාලයේ හැටන් නැෂනල් බැංකුවේ ශුද්ධ ලාභය බිලියන 13.1කි. එම ලාභයෙන් තම කොටස් හිමියන් වෙත ද ලාභාංශ ගෙවා ඇති අතර රුපියල් 4.5 බැගින් මුදලින් ලාභාංශයක් සහ 3.5 බැගින් කොටස් මගින් ලාභාංශයක් ගෙවා ඇත.

2021 වර්ෂයේ නවතම මාස තුනක මූල්‍ය වාර්තාව අනුව HNB බැංකුවේ ලාභය වර්ධනය වීම 55%කි. එය මුදලින් ගණනය කළ විට රුපියල් බිලියන 4.8කි. බැංකුව සතු තවත් විශේෂ වත්කමක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් උපයන මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ සුවිශේෂී පහසුකමයි.

ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සම්පූර්ණ මුදල්වලින් 15%ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනුයේ හැටන් නැෂනල් බැංකුව හරහා වෙයි.

වසර 133ක අතීතයක් හිමි හැටන් නැෂනල් බැංකුව සියවස් ගණනාවක ඉදිරිය සැළසුම් කර මනා කළමනාකාරීත්වයකින් සහ විවිධාංගීකරණයකින් යුත් බැංකුවක් බැවින් එය ශ්‍රී ලංකාවේ බැංකු ‍ක්ෂේත්‍රයේ දියමන්තිය ලෙස හැඳින්විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!