කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
එලෙස හුදකලා කරන ලද්දේ පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමේ දිවිතුර වත්ත නමැතිි කොටසයි.
මේ ගම්මානයේ 21 දෙනකු කොරෝනා ආසාදිතවීම හේතුවෙන් පසුගිය 28 වැනි දා මාර්ග වසා දමා තිබුණේ ගස් අතු කපා අවහිර කරමිනි. ඉන් පසු එම ගම්මානය හුදකලා කළ බව ඊයේ (30) උදෑසන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවේදනය කෙරිණි.
ඊයේ (30) මේ ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනකු වාර්තා වී තිබූ අතර මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60ක් දක්වා වැඩි වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ දිවිතුර වත්ත ආශ්‍රිතව කොරෝනා පොකුරක් ඇතිවීම වළක්වාගැනීම සඳහා ගම හුදකලා කර ඇති බවයි.
මේ ප්‍රදේශයේ වැඩි පිරිසක් නිවෙස්වලට ගොස් යකඩ හා පරණ බඩු එකතුකරන අය බවත් තවත් වැඩි දෙනකු කම්කරුවන් ලෙස ජීවන වෘත්තියේ යෙදෙන අය බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.