-0.8 C
New York

බ්‍රිතාන්‍යයේ ආසාදන ඉහල යයි, මරණ අඩුවෙයි

Published:

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් රෝගීන් අඛණ්ඩව දෙවන දිනටත් 20,000 ට වඩා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය ප්‍රධානීන් අද (30) ආසාදන 20,479 ක් වාර්තා කළ අතර එය පසුගිය අඟහරුවාදා වාර්තා වූ 11,625 ට වඩා 76% ක වර්ධනයකි. ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 22,868කි.

කෙසේවුවද සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දෛනික මරණ සංඛ්‍යාව බෙහෙවින් අඩුවී ඇති බවයි. එය එන්නත් කිරීමේ ප්‍රථිඵලයක් බවද ඔවුහු පෙන්වා දෙති. අද දිනයේ මරණ 23ක්  වාර්තා වී ඇති අතර පසුගිය අඟහරුවාදා කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබිණ. දෛනික රෝහල් ගතවීම් ද අඩුවී තිබේ.

පසුගිය ජනවාරි මස අගදී දිනකට රෝගීන් 20,000 කට වඩා වාර්තා වූ අතර දෙවන රැල්ල පටන් ගත් විට දිනකට වෛරස් මරණ 1,000 ක් සහ රෝහල් ගතවීම් 2,000 ක් පමණ සිදුවිය.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලයට “අප කොවිඩ් සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතු’ බව පවසා පැය කිහිපයකට පසුව මෙම ධනාත්මක සංඛ්‍යා ලේඛණ සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇත. නිසැකවම එන්නත විසින් වෛරසය පරාජය කිරිම ආරම්භ වී ඇති බව එහිදී ඔවුන් පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන 44.5ක් මේ වනවිට එන්නත් කර තිබේ.

Related articles

Recent articles

spot_img