-4.8 C
New York

ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ
පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමේ දිවිතුර වත්ත

මොනරාගල දිස්ත්‍රික්කය – බිබිල පොලිස් බලප්‍රදේශයේ
කනුල්වෙළ ග්‍රාම නිලධාරී වසම

කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ
හල්ලව ග්‍රාම නිලධාරී වසමේ – නියදුරුපොළ අංක 1,2,3 සහ 4 යන වතු නිවාස

කෑගල්ල දිස්ත්‍රික්ක‍ය – දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ
කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්ද වත්ත කොටස
ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගම වත්ත

කළුතර දිස්ත්‍රික්කය – දොඩන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූව වත්ත

Related articles

Recent articles

spot_img