සෞඛ්‍ය අංශවල නොවන පිරිසක් විසන් කොරෝනා මර්ධන එන්නත ලබාදීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හළක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් ආසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇත.
මෙම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් කර නැත. එන්නත් ලබා දී ඇත්තේ හමුදාවෙන් බව කියාගත් පිරිසක් විසිනි.
කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් පවසන්නේ එන්නත් ලබාදෙන ස්ථානයේ “අප ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා යුද හමුදාපතිතුමා ඇතුලු කාර්ය මඬුල්ලට අපගේ හෘදයාංගම ස්තුතිය” යනුවෙන් දැන්වීමක් ද ප්‍රදර්ශනය කර තිබූ බවයි.
එම ස්ථානයේ දී සේවක සේවිකාවන් 1500කට පමණ එන්නත් ලබා දී ඇති අතර ඉන් 150ක පමණ පිරිසක් රෝගාතුර වී තිබේ. 100ක් පමණ පිරිසක් රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් නොකර එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ට එන්නත්කරණය ආරම්භ වූ අවස්ථාවේ දී ම දැනුම් දී ඇතත් එම වැඩසටහන අවසන්වන තුරුම බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ තමා ඒ ගැන නොදන්නා බවයි. කෙසේ වෙතත් තොරතුරු සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු කියා ඇත.
දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පවත්වාගෙන යන නිල facebook පිටුවේ සටහනක් යොදමින් සඳහන් කර ඇත්තේ මෙවැනි එන්නත් වැඩසටහනක් පිළිබඳ එම කාර්යාලය කිසිසේත්ම දැනුම්වත්ව නොසිටි බවයි.
