රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථිරකිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
එහි ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ පුහුණු කාලය සැප්තැම්බර් 02 වැනිි දින අවසන් වුව ද ස්ථිර කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් සකසා නැති බවයි. බඳවාගත් සංවර්ධන නිලධාරීන් පුහුණුව සඳහා අනුයුක්ත කර ඇති ස්ථානවල ම ස්ථිර කරන ලෙසත් වෙනත් ස්ථාන අපේක්ෂා කරන අය සිටීනම් ඔවුන්ට කැමති වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙසත් තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බව ද ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ කියා සිටියේය.