-5.9 C
New York

මෛත්‍රීපාල ඇමතිකම් එපා කියයි

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි දිනක කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙනබවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා කිසිදු අසත්‍යයැයි ඔහුගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ඉදිරි දිනක බැසිල් රාජපක්ෂ අමාත්‍යධූරයක දිවුරුම් දීමත් සමඟ හිටපු ජනාධිපපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ද ඇමතිධූරයක දිවුරුම්දෙන බවට මාධ්‍යවල අද (28) දින පුවත් පළකර තිබිණි.

ඔහුගේ පුද්ගලික ලේකම්වරයා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධූරයක් හෝ වෙනත් තනතුරක් හෝ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි. එමෙන්ම එවැනි තනතුරක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img