ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයන් බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඔවුන්ට ලබා දී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවය. එසේ වුව ද තමන්ට කිසිදු එන්නතක් ලබානොදුන් බවට අයුර්වේද සහායකයෝ පවා පසුගිය දා චෝදනා කළහ.
උණවටුනේ මෙම එන්නත්කරණ වැඩසටහනක් නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, එහි දී එන්නත් ලබාදෙන්නේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයන්ට බවත් අපි rata.lk වෙබ් අඩවිය මගින් 05 වැනි දා දිනයේ දී ම හෙළි කළෙමු. පසුව 07 වැනි දා මේ සම්බන්ධයෙන් අනෙකුත් මාධ්‍ය මඟින් ද හෙළිදරව් කෙරිණි.
මේ හෙලිදරව්කිරීම් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර අතර ගාල්ල පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම එන්නත් ලබාදුන් පුද්ගලයන්ගේ විස්තර සහ ඔවුන් පැමිණි වාහනවල තොරතුරු ලබාගැනීමට ද අවශ්‍ය නියෝග ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කෙරිණි.
මේ අනුව කරගෙන යනු ලබන පරීක්ෂණවලින් ඉහත කරුණු අනාවරණය වී තිබේ.