spot_img
spot_imgspot_img

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි

පුවත්

විදෙස්

ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවට අමරතව ලොකයේ රටවල් රැසක් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.

රටේ ජනගහණයෙන් 70% වැඩි පිරිසකට එන්නත් ලබාදුන් ඊශ්‍රායලය, ජර්මනිය වැනි රටවල් ද මේ අතර සිටින අතර දකුණු අප්‍රිකාව විශාල ගැටලුවකට මුහුණ දී තිබේ. අප්‍රිකානු ප්‍රභේදයක් ලෝකය පුරා ව්‍යාප්තවෙමින් ගිය ද මේ වනවිට අප්‍රිකාවේ හමුවන වැඩි පිරිසක් ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ආසදනය වූ අය බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය මුළුමනින් ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ ද ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

ඉන්දියාව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සහිත ආසාදිතයන් හමුවන ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුකර ඇති අතර එම ප්‍රදේශ සඳහා දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!