කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ට වැඩි ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම හෙට (28) ආරම්භකරන බව නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.
නගරාධිපතිනි රෝසි සේනානායක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම එන්නත් තොගය ලැබී ඇත.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදංචි 10,500ක පමණ පිරිසකට මෙසේ ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිතය.
වසංග රෝග වේදඥ වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නේ මෙලෙස එන්නත ලබාදීම මධ්‍යස්ථාන දෙකක දී සිදුකරන බවයි. උතුරු කොළඹ හා මැද කොළඹ ආවරණය වන පිරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන ආකාරයෙන් කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේදීත් එන්නත් ලබාදීමට නියමිතය.
මීට පෙර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා ඔවුන් ලබාදුන් දුරකථන අංකයට දෙවැනි මාත්‍රාව ලබාදෙන දිනය, පැමිණිය යුතු වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමට ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. පැමිණෙන අවස්ථාවේ දී ජාතික හැඳුනුම්පත සහ මීට පෙර එන්නත්කරණය කළ කාර්ඩ්පත රැගෙන ඒම ද අනිවාර්ය වේ.
පළමු මාත්‍රාව ලබාගැනීමේ දී ජංගම ස්ථාවර දුරකථන අංක දුන් අයට තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරාය ඇමතීමෙන් දිනය සහ වේලාව වෙන්කර ගත හැකි බව ද කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.



