-4.8 C
New York

කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ

Published:

‍කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තො‍රතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරටට ගෙන්වන ලද කොරෝනා එන්නත් සහ ජනතාවට ලබාදුන් එන්න්ත පිළිබඳ දත්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පරිගණකගත කිරීමේ දී එන්නත් 70,000කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු නොමැති බව හෙළි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම එන්නත් අතුරුදන් වීම පිළිබඳ තො‍රතුරු වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 11කින් බවයි.

ගුවන් හමුදාව මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේ දී ය. එම රැස්වීමට සහභාගී වී සිටි මැති ඇමතිවරු රැසක් චෝදනා කර ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් නිසි පරිදි එන්නත්කරණයට අදාළ තොරතුරු ලබා නොදෙන බවයි. මෙම රැස්වීමට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් එන්නත් තොරතුරු නිසි පරිදි නොදීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්කර තිබිණි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියේ උතුරු – නැගෙනහිර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් නිවැරැදි තොරතුරු ලබා දුන් බවයි.

Related articles

Recent articles

spot_img