-4.8 C
New York

චීන කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට ශ්‍රී ලංකාව සමරු කාසියක් නිකුත්කරයි ?

Published:

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කර ඇතැයි Sunday Times වාර්තා කරයි.

එම පුවත්පත මේ පිළිබඳ මහ බැංකුවෙන් විමසූ විට එය සත්‍යයක් බව නිලධාරියකු විසින් තහවුරු කළ ද වැඩි විස්තර සඳහන් කර නැත.

විදෙස් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වැදගත් අවස්ථා සඳහා සමරු කාසි නිකුත් කළ ද වෙනත් රටක දේශපාලන පක්ෂයක සංවත්සරයක් වෙනුවෙන් මෙවැනි සමරු කාසියක් මීට පෙර නිකුත් කර නැත.

චීනය විසින් මෙම කාසි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවේ මහ බැංකුවට ලබාදීමට නියමිත බව ද පැවසේ. මෙම කාසිය සංසරණය නොවන සමරු කාසියක් ලෙස, සංසණය වන සමරු කාසියක් ලෙස නිකුත් කරන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිළි නැත.

Related articles

Recent articles

spot_img