-4.8 C
New York

කුරුසයක තබා දෙදෙනකුට ඇණ ගැසූ කට්ටඩියෙක් සොයා පොලිස් මෙහෙයුමක්

Published:

සමාජ මාධ්‍ය මගින් තමන්ට අපහාස කළායැයි කියන පුද්ගලයන් දෙදෙනකු කුරුසයක තබා ඇණ ගැසූ කට්ටඩියකු සොයා මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පොලිසිය පවසන්නේ අමානුෂික වද හිංසනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා තම නිවසට ගෙන්වාගැනීමෙන් අනතුරුව තවත් පිරිසක් සමඟ එක්වී ඔවුන් දෙදෙනා අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයක ආකාරයට ලී කොට තබා ඔවුන්ට ඇණ ගසා ඇත බවයි.

මේ සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ පවත්වයි. පසුගිය 25 වැනි දා මෙය සිදුව ඇත.

මෙහි ප්‍රධාන සැකකරු අම්පිටියේ සහ තවත් ස්ථානයක දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි වියේ පසුවන කට්ටඩියෙකි. ඔහු මෙලෙස ඇණ ගසා ඇත්තේ ඔහුගේ ම මිතුරන් දෙදෙනකුට බව ද පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඔහුට සහය දුන් පුද්ගලයන් මේ වනවිට ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටින බැවින් ඔවුන් සොයා මෙහෙයුමක් දියත්කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

කුරුස හැඩයට සැකසූ කොටන් මත තබා ඇණ ගැසීමෙන් තුවාල ලැබූ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයකු සහ කඩුවෙළ බෝමිරිය පදිංචි 38 හැවිරිදි පුද්ගලකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි

Related articles

Recent articles

spot_img