-5.2 C
New York

වගාබිම්වලට ජලය නොමැතිව බකමූණේ ගොවීන් අමාරුවේ

Published:

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බකමූණ ප්‍රදේශයේ ගොවීන්ට තම වගාබිම් සඳහා ජලය නොැබීමෙන් බරපතල ගැටලුවක් මතු වී තිබේ.

ජයසිරිපුර ගම්මානයේ කුඹුරු අක්කර 45ක්, බඩඉරිඟු අක්කර 05ක් පඹන ප්‍රමාණයක් මෙලෙස ජලය නොමැතිවීමෙන් විනාශ වෙමින් පවතී.

ගොවීන් පවසන්නේ තට්ටුමාරු ක්‍රමයට වතුර ලබාදීමේ වැඩපිළිවෙල හේතුවෙන් වගාබිම්වලට අවශ්‍ය ජලය නොලැබී යන බවයි. එක් පැත්තකින් පොහො‍ර නැතිව වගාව නිසරු වෙමින් තිබිය දී ජලය නොමැතිව තම වගාවන් මැරී යන බවත් මෙය ගොවි ජනතාව කබලෙන් ලිපට දැමීමක් බවත් ඔවුහු චෝදනා කරති.

(රුමේෂ් මධුශංක)

Related articles

Recent articles

spot_img