පුරාවිද්‍යාත්මක පනත යටතේ තක්සේරු ඇගයීමක් කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්ව තිබිය දී තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි.
චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වය ඇතිව උත්සවශ්‍රීයෙනි. වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ පසුගිය 20 වැනි දා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මේ වනවිට ජෙට් සක්ෂන් නමැති යන්ත්‍රයක් භාවිතා කරමින් පැයකට වැලි කියුබ් 100ක් පමණ වැවෙන් ගොඩගැනීම සිදුකරයි.
මහාචාර්ය මනතුංග පවසන්නේ සියලුම සංවර්ධන ව්‍යාපෘති සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගැනීම අනිවාර්ය බවයි. එසේ වුව ද වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල දී අවසර නොගැනීමේ ස්වභාවයක් ඇති බවත් එය වරදක් බවත් ඔහු පෙන්වාදෙයි. පැරණි වැව් හාරන්නේ නම් ඒ අවට ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට සහ ඉදිකිරීම්වලට සිදුවන හානිය ඇගයීමේ වාර්තාවක් සැකසීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය නීති විරෝධීය.
ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේ දී ඉදිකරන ලදැයි සැළකෙන තිස්සමහාරාම වැව මාගම රාජධානියේ රජකළ යටාලතිස්ස රජු හෝ ඔහුගේ මාමණ්ඩිය වූ දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදැයි විශ්වාසයක් පවතී.
චීන යුද හමුදාවේ කැලෑ ඇඳුමට සමාන ඇඳුම් හැඳගත් චීන ජාතිකයන් පිරිසක් එක්ව සිටීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවී තිබිණි.


