-4.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව වර්ධනය වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 67කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක් 7809ක් ලෙසිනි.

සම්පූර්ණ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.2කි.

දිනයේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් දායකත්වයක් ලබාදුන් සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 96යි, සී ඩබ්ලිව් මැකී සමාගම රුපියල් මිලියන 86යි, LOLC සමාගම රුපියල් මිලියන 75යි ලෙස මූලිකත්වයෙන් ගනු දෙනු විය.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 65ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 67ක කොටස් විකුණා දමා තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 02ක කොටස් වැඩිපුර විකිණීමට ලක්ව ඇත.

විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24.8 යි, ලංකා වෝල් ටයිල්ස් සමාගම රුපියල් මිලියන 19යි, රෙජින්ස් ලංකා සමාගම රුපියල් මිලියන 5.6යි වශයෙන් දක්නට ලැබිණි. විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 27යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 12යි, හේකබ් සමාගම රුපියල් මිලියන 5.6යි ලෛස සඳහන් විය.

අද දිනයේත් සී ඩබ්ලිව් මැකී සමාගම විසින් එක් කොටසක් වෙනුවෙන් රුපියල් 7.00ක ලාභාංශයක් ද, ඇග්ස්ටාර් පොහොර සමාගම එක් කොටසක් වෙනුවෙන් රුපියල් 0.20 ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා ඉක්මණින් සමස්ත කොටස් මිල දර්ශකයේ ඒකක 8,000 සීමාවට ළඟා වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img