ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය අතිරේක මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොදෙන බව ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ rata.lk වෙබ් අඩවියේ පළ වූ පුවතින් පසු එය පවරාගැනීමේ ක්‍රියාවලියට අවසර නොදෙන ලෙස තමන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර විසින් මෙම ශ්‍රවණාගාරය අධිකරණ අමාත්‍යාංශයට පවරාදුන් බව සඳහන් කරමින් අධිකරණ අමාත්‍යාංශයට හා කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ලිපි යොමුකර තිබිණි.
එම කරුණු අප විසින් අනාවරණය කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම පිළිබඳ මාධ්‍යයට ස්තූතිවන්ත වන බවයි. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්ථානයක් බැවින් එය කිසිවෙකුට පවරා දීම නීති විරෝධී කාර්යයක් බව ද හෙතෙම පවසයි.
“මම මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් අධ්‍යක්ෂවරිය සමඟත් කතා කළා. මෙය පවරාදීම නීත්‍යානුකූල නැහැ. ගොඩනැගිල්ලක් අධිකරණයක් වෙනුවෙන් යොදාගත්තත් එය නීත්‍යානුකූළ මාර්ගයෙන් කළ යුතුයි. මේ විදියට පවරාගැනීම් කරන්න බැහැ. ඒ නිසා එය වහාම නතර කිරීමට උපදෙස් දුන්නා. එම ස්ථානයේ ඇති සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය මේ දිනවල අලුත්වැඩියා කරමින් පවතිනවා. එය කඩිනමින් අවසන් කරන්නත් උපදෙස් දුන්නා.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මේ ගොඩනැගිල්ල පවරාගැනීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය පවරාගැනීම් ක්‍රියාදාමය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදු නොවූ දෙයක් බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ද දිසාපතිවරයා කීවේය.
(නන්දසිරි වැලිගමගේ)
මෙම උත්සාහය පිළිබඳ හෙළිදරව් කරන ලද ලිපිය පහතින්