ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුකරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් ඔවුන් පවසා ඇත්තේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තරාතිරම්වල කටයුතු කරන කාන්තාවන් මුහුණ දුන් ලිංගික හිංසන සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් නිර්මාණ්‍ය වි තිබෙන බවයි. එවැනි කතිකාවක් නිර්මාණය වීම වැදගත් බවත් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩකරන මාද්‍යවල සිදුවූ බව කියන එම සිදුවීම ගැන අදහස් පළ වුව ද සිංහල හා දෙමළ මාධ්‍යමගින් වැඩ කරන ආයතනවල ද එවැනි හිංසා සිදුවන බව ද ඔවුන් අවධාරණය කර තිබේ.
මාධ්‍ය ආයතනවල ආයතනගතව සහ ප්‍රාදේශීය වශයෙන් සිටින මාධ්‍යවේදිනියන් ඇතුළු සියලුම ආකාරයේ සේවිකාවන් මෙවැනි ලිංගික හිංසනයන්ට නිතර නිතර ගොදුරුවන බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම ලිපිය මගින් පෙන්වාදෙයි.
ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ආයතනවල ඉහළ මට්ටමේ නිලධාරන් හා ප්‍රධානීන් දැනුම්වත් කළ ද ආයතන ප්‍රධානීන් ඒවා නොසළකා හැරීම ද ගැටලුවක් බව ඔවුන් පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වෙත යවන ලද ලිපියෙන් ඉල්ලා සිටියි.
එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංසදය, ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා පුවත්පත් හිමිකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා වෙත ද යොමුකර තිබේ.
(එම සම්පූර්ණ ලිපිය පහතින්)


